Australia's Biggest Morning Tea

Every dollar raised makes an incredible difference

Register Now

ආන්ත‍්‍රික පිළිකා

දිගු කල් ජීවත් වීමට  මේ සරල නිවසේ දී කරන පරීක්ෂණය කරන්න- තමා හා පවුලේ අය වෙනුවෙන්

ආන්ත‍්‍රික පිළිකා ඔස්ට්‍රේලියාවේ දෙවැනියට ඉහළ පිළිකා මාරකයයි. එය රෝග ලක්ෂණ කිසිවකින් තොරව ඇති විය හැකි අතර, අවුරුදු 50ට හෝ ඊට වැඩි  නිරෝගී පුද්ගලයන්ට පවුලේ රෝග ඉතිහාසයක් නොමැති වුවද ඇති විය හැකිය.

වාසනාවකට, කළින් හඳුනාගත හොත් ආන්ත‍්‍රික පිළිකාවලින් 90% කට සාර්ථකව ප‍්‍රතිකාර කළ හැකිය. කළින් පරීක්ෂාවට ලක් කිරීම ඉතා වැදගත් වන්නේ මේ නිසාය.

ඔබ වයස 50 සහ 74 අතර පසුවන්නේ නම්, ඔබට නිවසේ දී ම පරීක්ෂාව සිදු කළ හැකි කට්ටලයක් රජයෙන් ලැබෙනු ඇත. කාන්තා හෝ පිරිමි වේවා, කුමන භාෂාවක් කතා කරන්නේ ද යන්න හා ඔවුන් කොතරම් කළක් ඔස්ට්‍රේලියාවේ සිට ඇත් ද යන්න නොසළකමින්, මේ කට්ටලය නිවසට ලැබුණු විට පරීක්ෂාව සිදු කළ යුතුය.

මෙම පරීක්ෂණය කුමක්ද?

ආන්ත‍්‍රික පිළිකා පරීක්ෂාවට ලක් කිරීම සඳහා නිවසේ දී කළ හැකි සරල පරීක්ෂණයක් යොදා ගනියි. අන්ත‍්‍රික පිළිකාවල රෝග ලක්ෂණයක් විය හැකි. ඇසට නොපෙනෙන ලේවල සළකුණක් ඔබේ අසූචිවල ඇත්දැයි මෙම පරීක්ෂණය මගින් සොයා බලයි.

මෙම පරීක්ෂණය සිදු වන්නේ කෙසේද?

මෙම පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා මල පහ කළ අවස්ථා දෙකක ඉතාම කුඩා සාම්පල දෙකක් එකතු කර ගත යුතුය. මේවා රෝග විනිශ්චය සම්බන්ධ විද්‍යාගාරයක දී ඇගයීමකට ලක් කරනු ලැබේ.

මෙම ක‍්‍රමය කඩිනම්, සරල මෙන් ම සෞඛ්‍යාරක්ෂිත වේ.

සහභාගී වන්නන්ගේ ආකෘති පත‍්‍රිකාවලින් එක්රැස් කරගන්නා තොරතුරු රහසිගතව තබා ගැනේ.

මට පරීක්ෂණය ලැබෙන්නේ කවදාද?

2020 සිට අවුරුදු 50-74 දක්වා සියලූ සුදුසුකම් ලබන ඔස්ට්‍රේලියානුවන්ට මෙම පරීක්ෂණ කට්ටලය සෑම වසර දෙකකට ම වරක් ලැබෙනු ඇත.

ඔබට පරීක්ෂණ කට්ටලය නොලැබුනේ නම්, ඔබේ භාෂාවෙන් කතා කිරීමට 13 14 50 ඔස්සේ අමතා Cancer Council සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බව දන්වන්න. නැත්නම් ඔබේ වෛද්‍යවරයා අමතන්න.